Sunday, September 25, 2011

මෙහෙවර ප‍්‍රකාශය


දයාබර හිතවතුනේ, හිතවතියනි,
මාගෙත්, මගේ පියා ලයනල් ප‍්‍රනාන්දු ගේ ද, මගේ බාප්පා ඩග්ලස් ප‍්‍රනාන්දු ගේ ද උපන් ගම මොරටුවයි. 
මම ඉපදුනේද මිය යන්නේද මොරටු ගම්මානයේය. 
මගේ පියා උප නගරාධිපතිකමද, මාගේ බාප්පා නගරාධිපතිකමද, 
මා ද මහ නගර සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කර ඇත්තෙමි. 
1997 පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්දයක් ලබා දී ඔබ මා කෙරේ තැබූ විශ්වාසය හා භක්තිය නිසාය.

ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබූ මා, එංගලන්තයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව හැදෑරූ උපාධිධාරියෙක් මෙන්ම, මුළු දිවයිනටම සාමවිනිසුරු වරයෙක් සහ දේශමාන්‍ය ආචාර්ය ධූරයක් හොබවන අතර මොරටුව රොටරි සමාජයේ සහ කාල්ටන් කී‍්‍රඩා සමාජයේ හිටපු සභාපති සහ මොරටුව කී‍්‍රඩා සමාජයේ ගරු ලේකම්වරයාය.

කි‍්‍රයාකාරී දේශපාලනයේ නිරතවූ අප පරම්පරාවේ සෑම දෙනෙක්ම මොරටුව ගම් වැසියන්ගේ හිතවතුන් වූහ. ඔවුන්ගේ ආදරය නිබඳ අපිට ලැබිණ. එයින් බොහෝ සේවයක් ගමටත්, ගම් වැසියන්ටත් කිරීමට අපට හැකිවිය. මාගේ අපේක්‍ෂාව දූෂීත දේශපාලනයෙන් තොර යහපත් සමාජයක් දැකීමය.

කලාකරුවෙකු වශයෙන් මා නිෂ්පාදනය කර චිත‍්‍රපට, ටෙලි නාට්‍ය වලින් බොහෝ කලා කරුවන්ට මෙන්ම කාර්මික ශිල්පීන්ට රැකියා අවස්ථා ලබා දුන් අතර, බොහෝ ආධුනික ශිල්පීන්ට කේෂත‍්‍රයේ රැදී සිටීමට අවස්ථාව සලසා දුනිමි.

මැර දේශපාලනයට විරුද්ධව මා, නගරං චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය එහි නිරූපනය කරමින් මාගේ දර්ශන රටට ප‍්‍රදර්ශනය කෙරුවෙමි. අල්ලස දූෂණයෙන් තොර යහපත් සමාජයක් මොරටුවේ ගම්මානයේ දැකීම මාගේ අපේක්‍ෂාවයි.

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස නලාව සංකේත කරමින් එහි කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වී මම මැතිවරණයේදී තරඟ කරන්නෙමි. පිය උරුමයෙන් මට බොහෝ දේ ලැබිණි. එහෙත් එදිනෙදා වේල අසීරුවෙන් උපයා ගන්නා තවත් බොහෝ දෙනෙක් මොරටුවේ සිටිති. දුකෙන් තොර යහපත් සමාජයක් ඇතිකරලීමට ඔබත් අත්වැල් බැදගමු.

මොරටුව මහ නගර සභාව තුල වංචාව, දූෂණය, ගසාකෑම හා අත්තනෝමතික පාලනයට විරුද්ධව මා සමඟ හිටපු නියෝජ්‍ය පුරපති සහ මහ නගර සභා මන්තී‍්‍රන් විශාල පිරිසක් සමඟ ශක්තිමත් මහ නගර සභාවක් ගොඩ නැගීමට අප කණ්ඩායම ඉදිරිපත් වී සිටිමු.

1 comments:

Malintha said...

Sussan Mahaththayata Jaya Wewa !!!!!

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Lanka Net Promo | Bloggerized by Indunil Jayawardhana - © Copy Rights 2011 | ,