Sunday, September 25, 2011

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය

මගේ නලාවෙන් හඩ නඟා,
ඔබට කියන පණිවිඩය මෙයයි.
2011 පළාත් පාලන මැතිවරණය
මෙරටුව මහ නගර සභා සටන.

අප හිතවත් ගෞරවනීීය ස්වාමින් වහන්ස,ගෞරනීය පූජකතුමනි, මහත්ම මහත්මියනි,

දූෂණය, අගති ගාමීත්වය මුලිනුපුටා දමා 
ජනතාවට හිතකර පිරිසිදු නගර සභා පාලනයක් තුලින් 
අප මොරටුව නගරයට අවංක ජනතා මෙහෙවරක් ඉටු කිරීම සඳහා ,
නලාව, ලකුණින් තරඟ වඳින අප කණ්ඩායමේ, 
ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය

නලාව අප කණ්ඩායමේ බලයට පත්වූ සැණින් අප මන්තී‍්‍ර කණ්ඩායම සියළු දෙනාගේම වත්කම් හා බැරකම් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා ඉදිරියේ දියුරුම් ප‍්‍රකාශ කර සිටිමු.

දූෂණය - බොරුව - මුලාව සම්පූර්ණයෙන්ම පිටු දකිමු.

අප කණ්ඩායමේ කිසියම් පුද්ගලයෙකු යම්කිසි අගතගාමී වැරදි කි‍්‍රයාවක් කලහොත් ඔහුව හෝ ඇයව ජනතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමු.

මොරටු නගරයේ තිබෙන කාණු, කුණු කසල වලින් තොර පවිත‍්‍ර තත්වයෙන් සෑම දිනකම පවත්වාගෙන යඋමේ ක‍්‍රමවත් වැඩ පිළිවෙලක් වහාම කි‍්‍රයාත්මක කිරීම.

මිනිස් ජීවිතයට තර්ජනයක් වූ ඩෙංගු මදුරු උවදුරු දුරුකරලීමට විධිමත් වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡුා කර ක‍්‍රමවත් වැඩපිළිවෙලක් තුලින් කටයුතු කරලීමට කටයුතු කිරීම.

මොරටුවේ වඩුකාර්මිකයන්ගේ දැවෙන ප‍්‍රශ්ණ විසඳාලීමට කටයුතු කිරීම.

මොරටුවේ ධීවර කාර්මිකයන්ට බලපාන දැවෙන ප‍්‍රශ්න විසඳාලීමට පියවර ගැනීම.

මහජන සෞඛ්‍ය සඳහා වෛද්‍යවරුන්ගේ අනුශාසනා පරිදි ජන සුබසෙත සැලසීම සඳහා ක‍්‍රමවත් සැලැස්මක් පරිදි අත්‍යවශ්‍ය කටයුතු සම්පාදනය කරලීම.

වර්තමාන සුපිරි පාලකයින්ගේ අත්තනෝමතික තත්වයෙන් ගරාවැටී ඇති මොරටුව, ලූනාව රෝහල රජයේ අනුග‍්‍රහයෙන් නැවත ප‍්‍රතිසංස්කරණය කරලීමට වහාම පියවර ගැනීම.

මඟනැගුම සමඟ සාකච්ඡා කර ප‍්‍රතිසංස්කරණය කරලීම.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Lanka Net Promo | Bloggerized by Indunil Jayawardhana - © Copy Rights 2011 | ,